Tuesday, March 13, 2012

නැණසල නුවරඑළි සංචාරය......

අවිවේකී අධ්‍යාපනයෙන් මිදී සිසුන් අතර සුහඳතාවය හා ප්‍රබෝධමත් බවක් ඇති කරලීමේ අරමුණින්  2012 පෙබරවාරි 26වෙනි දින නැණසල නුවරඑළි සංචාරය සංවිධානය කෙරුණි.


(චාරිකාවට සහභාගී වූ සිසුන්.....)

(අඹේවෙල කිරි නිෂ්පාදනාගාරයේ දී......)


සංචාරය තුළදී විනෝදය මෙන්ම අධ්‍යාපනික වටිනාකමක් ඇති ස්ථාන නැරඹීමටද සිසුන්ට අවස්ථාව ලැබුණි. අඹේවෙල කිරි නිෂ්පාදනාගාරය නැරඹීම සිසුන්ට නවමු අත්දැකීමක් වූ අතර හග්ගල උද්භිද උද්‍යානය, නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය, ග්‍රෙගරි වැව වැනි ස්ථාන නැරඹීම මහත් විනෝදයක් ගෙනදුණි.


(හග්ගල උද්භිද උද්‍යානයේදී.....)

(කුඩා සිසුන් රිසිසේ විනෝද වෙමින්.....)

(වික්ටෝරියා උද්‍යානයේදී පැවැත්වූ වැඩසටහන)

(බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් තුමිය රැස්ව සිටි පිරිස අමතමින්....)


මේ අතර නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේදී චාරිකාව සඳහා සහභාගී වූ සියළුම සිසුන් සමඟ පැවැත් වූ වැඩසටහනේදී සියළුම සහභාගී වූ සියළු දෙනාටම නවමු අත්දෑකීමක් ලෙස කුඩා සිසුන්ගේ “නැණසල වීරයෝ“ සමිතිය පවත්වමින් ගීත, නාට්‍ය, තරඟ වැනිදෑ ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදාවිය. 


(නැණසල වීරයෝ සමිතියේ සභාපති වන අංජන කුලසුරිය සිසුවා රැස්වසිටි පිරිස අමතමින්....)

(නැණසල වීරයෝ සමිතිය හැඩකරමින් සිසුවියන් තිදෙනෙකු ගීතයක් ගයමින්....)

මේ සඳහා සියළු පාඨමාලා නියෝජනය කරමින් සිසු දරුවන්ද ඔවුන්ගේ දෙමාපියන් කීපදෙනෙක්ද සහභාගී වූ අතර බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් පද්මිණී සෙනෙහෙලතා මහත්මිය, නැණසල භාරව කටයුතු කරන අමිලානි සෝමරත්න මහත්මිය ඇතුළු කාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙකු ද සහභාගී විය.


(නැණසල නුවරඑළි විනෝද චාරිකාවේ සොඳුරු මතක සටහන් කිහිපයක්....)