Thursday, February 9, 2012

බුලත්කොහුපිටිය නැණසල ළමා සමාජයක් පිහිටවේ.....

 

දැනට බුලත්කොහුපිටිය නැණසලෙහි පරිගණක ඉගෙනුම ලබන අවු.8-12 අතර වයස ළමුන් එකතුකරගෙන ළමා සමාජයක් 08/02/2012 වෙනි දින පිහිටුවන ලදි. එය “නැණසල වීරයෝ“ නමින් හඳුන්වන ලද අතර එහි සභාපති ධූරය අංජන සිසුවාද ලේකම් ධූරය සචිල සිසුවා ද, ජනත් සිසුවා භාණ්ඩාගාරික ධූරයටද සාමාජිකයින් විසින් ඒකමතිකව පත්කරගන්නා ලදි.

සෑම සති දෙකකට වරක් සමාජීකයන් රැස්වෙන බවත්, මාසිකව රු.20.00 මුදලක් සෑම සාමාජිකයෙකුගෙන්ම එකතුකරගන්නා බවත් මෙම මංගල සැසියේ දී තීරණය කරන ලදි. මෙම එකතු කරන්නා වූ මුදලින් යම් සාමාජිකයෙකුගේ උපන් දිනයකට පුංචි තෑග්ගක් ලබාදීමටත් සමිතියේ අවශ්‍යතාවයන් සදහාත් යෙදවීමටත් බලාපොරොත්තු වෙන බව භාණ්ඩාගාරිකතුමා පවසන ලදි.


මංගල සැසිවාරයම රංගනයන්ගෙන් ගීත ගායනයෙන් හා කෙටි නාට්‍ය සමගින් විචිත්‍රවත් කිරීමට සාමාජිකයෝ උත්සුක වූහ.

බුලත්කොහුපිටිය නැණසල භාරව කටයුතු කරන අමිලානි මහත්මිය අදහස් දක්වමින් ළමුන්ගේ අධ්‍යාපනය, නිර්මාණශීලී හැකියාවන්, දක්ෂතාවයන් ඔපමට්ටම් කරමින්  මෙන්ම ආකල්පමය වෙනසක් සමඟින් ගුණගරුක සිසුන් කොට්ඨාශයක් බිහිකිරීම මෙම නැණසල සමාජය පිහිටූවීමේ අරමුණ බව සඳහන් කරන ලදී.





.

No comments: